Life
නින්ද අඩුකම තරබාරුකමට හේතුවක්
දිනකට පැය 8 ක් වත් නින්දක් ලැබීමෙන් ලැබෙන යහපත වන්නේ නිරෝගීකම හා දිගු
ආයුෂයි. හැමෝගෙම ආශාව නිරෝගීකම තුළින් දිගු ආයුෂ ලැබීම වුණත් අඩුම තරමින්
දිනකට පැය 6 ක් වත් නිදාගන්න අවස්ථාවක් නොලැබෙන ඕනෑ තරම් අය සමාජයේ
ඉන්නවා.
ඇමරිකාවේ කොලොම්බියා විශ්වවිද්‍යාලය හා උතුරු කැරොලිනා
විශ්වවිද්‍යාලය මගින් 1995 සිට 2015 දක්වා වසර 20 ක් තු=ළ සිදුකරන ලද
පර්යේෂණවල ප්‍රතිඵල අනුව තහවුරු වී ඇත්තේ දිනකට පැය 6 කටවත්a වඩා අඩුqවෙන්
නිදාගන්නා නව යොවුන් (ඔeeබ්ටැරි) වියේ පසුවන දරුවන් වයස අවුරුදු 20
පසුවීමත් සමගම මහත්වීමට ඇති ඉඩකඩ දිනකට පැය අටක නින්දක් ලබන යොවුන්
දරුවන්ට සාපේක්ෂව 20% කින් ඉහළ අගයක් ගන්නා බවයි.
නිරෝගීමත්
ජීවිතයක් ගෙවීමට නම් උසට සරිලන බරක්a (ශරීර ස්කන්ධ දර්ශකය-ඊඵෂ) මුළු
ජීවිතය පුරාම රඳවා ගැනීමට අප කල්පනා කළ යුතුයි. අප කුඩා කල පවුල් සෞඛ්‍ය
නිලධාරිනිය විසින් මාසිකව, තුන් මාසිකව, හය මාසිකව හා වාර්ෂිකව අපේ බර හා
උස මනිමින් ඒවා සටහන් තබන්නට උනන්දු වුණත් දරුවාට වයස අවුරුදු හතක් අටක්
පමණ වෙද්දී මවුවරු එය අමතක කර දමනවා. එතැන් පටන් දරුවන් කිසිම පාලනයකින්
තොරව කඩ කෑමවලට හුරුවෙනවා.
බොහෝ දරුවන් මේ නරක ආහාර රටාවන්ට
හුරුවන්නේ ළදරු පාසල් වියේ පටන්, අධික සීනි, කෘත්‍රිම වර්ණක, කෘත්‍රිම
රසකාරක අඩංගු මේ කෑම වර්ග අධිකව ගැනීම දරුවාගේ මානසික නොසන්සුන්තාවට මුල්
වෙනවා.
අලස ගතිය හා ක්‍රීඩාවලට දක්වන අකැමැත්ත මෙන්ම රාත්‍රී නින්ද
අඩුකම ආදිය මේ අයහපත් ආහාර රටාවේ භයානක ප්රතිඵලයි. දිගින් දිගටම මෙම
තත්ත්වය පැවතීමෙන් වසය අවුරුදු 20 පසුවන විට දරුවා අධික තරබාරුවට ගොදුරු වී
අවසානයි.
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks